Tuesday 19 January 2016



2016 වසර උදාවන්නේ බුධට අයත් කන්‍යා ලග්නයෙන් වන අතර, රවිට අයත් උත්‍රපල් නැකතින් වසර ආරම්භ වේ. ග්‍රහලොව පීතෘකාරක රවිගේ නැකතකින් වසර ආරම්භ වීම සුභ දායක බව ජ්‍යෝතිෂයට අනුව පැවසිය හැක. 2016 වසරේ ලග්න 12 ට ඇතිවන තත්වයන් පිළිබඳව විස්තර පහත සඳහන් වේ.

මේෂ ලග්නය - ගජකේශරී රාජයෝගය උදාවේ.
ලග්නාධිපති කුජ 7 වැන්නේත්, සනි සිකුරු 8 වැන්නේත්, ගුරු චන්ද්‍ර 5 වැන්නේත්, රවි 9 වැන්නේත්, බුධ 10 වැන්නේත්, රාහු 6 වැන්නේත්, කේතු 12 වැන්නේ යෙදෙන ගෝචර ගමනින් වසර ආරම්භ වන අතර, මේෂ ලග්න හිමියන්ට මෙම වසර සුභ දායක වසරක් බව පැවසිය හැක. සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකය පැවතුනත්, එම බාධක ජයගෙන ඉදිරියට යා හැකි තත්වයක් උදාවන බව පෙන්වා දිය හැක. විශේෂයෙන් 5 වැන්නේ යෙදෙන ගජකේශරී යෝගය නිසා සිය බාධක ඉවත් වන අතර, ගුරු මහා දසා, රාහු මහා දසා ගතකරන අයට මේ වසරේ ආර්ථීක තත්ත්වය යහපත් වන බව පැවසිය හැක. වෙශී, වොශී සහ උභයචාරී යෝගය උදාවීම නිසා ආගියතැන හොඳ පිළිගැනීමක් ඇති වන අතර, බත වරදින්නේ නැති වසරක් බව තවදුරටත් පෙන්වා දිය හැක. අගෝස්තු මස 11 වන දින දක්වා මේෂ ලග්න හිමියන්ට මෙම සුභදායක තත්වය ඇතිවේ. උසස් විභාග වලට පෙනී සිටින අයට එයින් ජය අත්වේ. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට එම අරමුණු සාක්ෂාත් කර ගත හැක.
සෞඛ්‍යය තත්ත්වය තරමක් දුරට පිරිහෙන අතර, ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.
ජය අංකය 5
ජය වර්ණය රතු.

-------- <<<>>>------------

වෘෂභ ලග්නය - ධන ලාභ හිමිවේ.
ලග්නාධිපති සිකුරු 7 වැන්නේ සෙනසුරු සමග සංයෝග වන අතර, ගුරු චන්ද්‍ර 4 වැන්නේ සංයෝග වන අතර, කුජ 6 වැන්නේත්, රවි 8 වැන්නේත්, බුධ 9 වැන්නේත්, රාහු 5 වැන්නේත්, කේතු 11 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘෂභ ලග්න හිමියන්ට ධන ලාභ ලැඛෙන වසරක් බව පෙන්වා දිය හැක. කේතු ග්‍රහයා 11 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘෂභ ලග්න හිමියන්ට නොසිතූ ධන ලාභ, ආර්ථීක ප්‍රතිලාභ, කොමිස්, වාහන ලාභ හිමිවන වසරක් බව පැවසිය හැක. විවාහ අපේක‍ෂාවෙන් සිටින අයට තවදුරටත් 2016 වසර අවසානය තෙක් එම බලාපොරොත්තු නම් සුන්වන වසරක් බව පෙනේ. එමනිසා ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී යන වසරක් බැවින්, බුද්ධි ගෝචරව කටයුතු කළ යුතු බව අවබෝධ කරගත යුතුය. ගජකේශරී යෝගය වෘෂභ ලග්න හිමියන්ටද වසර ආරම්භයේදී යෙදේ. කුජ සිකුරු පරිවර්තන යෝගයක්ද ඇතිවේ.
සෞඛ්‍යය තත්ත්වය යහපත් වන අතර, රැකියාව පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ.
ජය අංකය 6
ජය වර්ණය නිල්.

-------- <<<>>>------------

මිථුන ලග්නය - විදේශ ගමන් ඇතිවේ.
ලග්නාධිපති බුධ 8 වැන්නේත්, රවි 7 වැන්නේත්, ශනි සිකුරු 6 වැන්නේත්, කුජ 5 වැන්නේත්, ගුරු චන්ද්‍ර 3 වැන්නේත්, රාහු 4 වැන්නේත්, කේතු 10 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මිථුන ලග්න හිමියන්ට සෑම අතින්ම සුභ දායක වසරක් බව පැවසිය හැක. මිථුන ලග්න හිමියන්ට මෙම වසරේ විදේශ ගමන් ඇතිවන අතර, පිටරට ස්ථීර පදිංචිය සඳහා අයදුම් කර ඇති අයට එම බලාපොරොත්තු සාක‍ෂාත් කරගත හැකි නව වසරක් වේ. තම බලාපොරොත්තු ඉටු වන අතර, සිය`ඵ බාධක අවහිරතාවයන් මගහැරී යන වසරක් බැවින්, මිථුන ලග්න හිමියන් මෙම වසරේ ආර්ථීක තත්ත්වය අතින්ද ප්‍රබල තත්ත්වයකට පත්වන ලකුණු පෙනේ. ගජකේෂරී යෝගයද පැන නගින අතර, කුජ සිකුරු පරිවර්තන යෝගයද ඇතිවන අතර, එම නිසා තමන්ට අවශ්‍ය මිල මුදල් නොඅඩුව ලැඛෙන වසරක් වේ. මෙතෙක් අතරමග නවතා දැමූ කටයුතු ආරම්භ කිරීමට මෙම වසර මිථුන ලග්න හිමියන්ට සුභ වේ.
රැකියාවේ වෙනස්කම් ඇති වන අතර, එය තමාගේ දියුණුව පිණිස වේ. වෙන වසර වලට වඩා උසස්වීම් වැටුප් වැඩිවීම් ඇතිවේ. ව්‍යාපාරවල නිරත අයට තමන්ගේ ආර්ථීක තත්ත්වය වෙන වසර වලට වඩා වැඩි දියුණු කරගත හැකි සුභ නව වසරක් වේ.
ජය අංකය 6
ජය වර්ණය කොළ.

-------- <<<>>>------------

කටක ලග්නය - ලොතරැයි වාසනා
ලග්නාධිපති චන්ද්‍රයා ගුරු සමග ධනස්ථානයේත්, කුජ 4 වැන්නේත්, ශනි සිකුරු 5 වැන්නේත්, රවි 6 වැන්නේත්, බුධ 7 වැන්නේත්, රාහු 3 වැන්නේත්, කේතු 9 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කටක ලග්න හිමියන්ට ලොතරැයි වාසනා හිමිවන සුභ නව වසරක් බව පෙන්වා දිය හැක. ලග්නාධිපති චන්ද්‍රයා පුණ්‍යස්ථානාධිපති ගුරු සමග සංයෝග වීම නිසා මෙම වසරේ කටක ලග්න හිමියන්ට ලොතරැයි වාසනා හිමිවන බව ඉතාපැහැදිළිය. ගජකේශරී යෝගය උදාවන අතර, කුජ සිකුරු පරිවර්තන යෝගයක්ද ඇතිවන නිසා අනිවාර්යෙන්ම නොසිතූ ධන සම්පත් හිමිවන වසරක් වේ. මැණික් පතල් වල කටයුතු කරන අයට වටිනා මැණික් ලැඛෙන වසරක් බව වැඩිදුරටත් පෙන්වා දිය හැක.
සෞඛ්‍යය තත්ත්වය තරමක් දුරට අයහපත් වන අතර, ශල්‍යකර්ම ආදියට භාජනය විය හැක. වෙන වසර වලට වඩා මෙම වසරේ කටක ලග්න හිමියන්ට තරහා යන ගතියක් ඇතිවේ. රැකියාවේ වෙනස්කම් ද ඇති වේ.
ජය අංකය 2
ජය වර්ණය සුදු.

-------- <<<>>>------------

සිංහ ලග්නය - කෝටියක් දෝෂ භංගවේ.
ලග්නාධිපති රවි 5 වැන්නේත්, ශනි සිකුරු 4 වැන්නේත්, ගුරු චන්ද්‍ර ලග්නයේත්, බුධ 6 වැන්නේත්, කුජ 3 වැන්නේත්, රාහු 2 වැන්නේත්, කේතු 8 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර සිංහ ලග්න හිමියන්ට ඇති වී තිබුණු බාධක ඉවත් වී සැනසිලි දායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වට පිටාව ඇතිවන සුභ නව වසරක් උදාවෙන බව පෙන්වා දිය හැක. අගෝස්තු 11 වෙනිදා දක්වා කරදරයකින් තොරව තව ජීවිකාව ගෙන යා හැකි අතර, මෙම වසරේ අලූතින් නිවාස, ගොඩනැගිලි ඉදි කිරීමට සහ යාන වාහන මිලදී ගැනීමට හැකි සුභ නව වසරක් සිංහ ලග්න හිමියන්ට උදාවේ. රාහු මහා දසා ගතකරන අයගේ පියාට අපල දායක තත්වයක් ඇතිවේ. ගජකේශරී රාජ යෝගය උදාවන අතර, කුජ සිකුරු පරිවර්තන යෝගද උදාවේ.
රැකියාව අතින් බැලු කල කරදර බාධක ඇති වුවද ගුරු දෙවියන් ලග්නයේ ගමන් කිරීම නිසා එම බාධක ඉවත් වේ. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ පාද වලට රෝග පීඩා ඇති වන බවයි.
ජය අංකය 10
ජය වර්ණය තඹ.

-------- <<<>>>------------

කන්‍යා ලග්නය - හදිසි ධනලාභ.
ලග්නාධිපති බුධ 5 වැන්නේත්, ශනි සිකුරු 3 වැන්නේත්, ගුරු චන්ද්‍ර 12 වැන්නේත්, කුජ 2 වැන්නේත්, රවි 4 වැන්නේත්, රාහු ලග්නයේත්, කේතු 7 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කන්‍යා ලග්න හිමියන්ට හදිසි ධනලාභ, විදේශ ගමන් යෙදෙන 2016 වසර සුභ නව වසරක් බව පෙන්වා දිය හැක. 9 වැන්නාධිපති සිකුරු සමග 5 වැන්නාධිපති සෙනසුරු වික්‍රමස්ථානයේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර ආර්ථීක ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගත හැකි වසරක් බව පැවසිය හැක. සිය`ඵ සතුරන් පරාජය වන වසරක් වන අතර, පිටරට පදිංචිය සඳහා ඉල්ලූම් කර ඇති යට එම බලාපොරොත්තු ඉටුවන වසරක් වේ. කේතු 7 වැන්නේ ගමන් කිරීම නිසා විවාහ ජීවිතයේ ප්‍රශ්න හා ගැට`ඵ මතුවිය හැක. විභාග වලින් ජය අත්වන වසරක් වේ.
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ මෙම වසර කන්‍යා ලග්න හිමියන්ට සුභදායක වසරක් වන බවය. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ ශල්‍යකර්ම පාදවල ආබාධ ඇති වීමට ඉඩ තිඛෙන බවයි. කන්‍යා ලග්න හිමියන් කොහොඹ වෘක‍ෂයට ආව තේව කිරීම හා වන්දනාමාන කිරීම තුළින් රෝගාබාධ සුවපත් කර ගත හැක.
ජය අංකය 3
ජය වර්ණය කොළ.

-------- <<<>>>------------

තුලා ලග්නය - විදේශ ගමන්.
ලග්නාධිපති සිකුරු ධනස්ථානයේත්, කුජ ලග්නයේත්, රවි 3 වැන්නේත්, බුධ 4 වැන්නේත්, ගුරු චන්ද්‍ර 11 වැන්නේත්, රහු 12 වැන්නේත්, කේතු 6 වැන්නේත්, ගෝචර ගමනින් යෙදෙන මෙම වසර තුලා ලග්න හිමියන්ට තවදුරටත් සුභ වසරක් නොවේ. ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර රාජ්‍ය පාලකයාට මාරක අපල ගෙන දෙන වසරක් බව පෙන්වා දිය හැක. මැති ඇමතිවරු, ප්‍රභූ වරුන්ට එම නිසා මාරක අනතුරු ඇති වන බව පෙන්වා දිය හැක. ධනය අතින් බැලු කල පෙනී යන්නේ තුලා ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ඇති වන බවය. විදේශ ගමන් බහුලවන වසරක් වේ. ලග්නාධිපති ධනස්ථානයේත්, ගුරු 11 වැන්නේත්, ගමන් කරන නිසා වසර ආරම්භයේදී ආර්ථීක තත්වය ඉතා සුභදායී වන බව පැවසිය හැක. ගජකේශරී යෝගයද පැන නැගේ. තුලා ලග්න හිමියන්ට පමණක් මෙම වසර ප්‍රබල ධන යෝග ඇති වන වසරක් බව වැඩිදුරටත් පෙන්වා දිය හැක. ලග්නාධිපතියා සහ ධනස්ථානාධිපතියා අතර ඇතිවන පරිවර්තන යෝගය නිසා ධනය අතින් ඉතා සුපිරි තත්වයකට ලගා වන බව පෙනෙයි.
ලොතරැයි වාසනාද හිමිවේ. නමුත් මානසික අසහනය තවදුරටත් බලපවත්වයි. සිකුරු මහා දසා ගතකරන බුධ මහා දසා ගතකරන අයට නම් වරදක් නැත. රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ මෙම වසරේ රැකියාවේ වෙනස්කම් රැසක් ඇතිවන බවයි. සෞඛ්‍යය අතින් බැලුකල පෙනී යන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයන් ඇති වේ. මේවා වලක්වා ගැනීමට පුෂ්පරාග මැණික පැලඳීම සුදුසු වේ.
ජය අංකය 2
ජය වර්ණය රෝස.

-------- <<<>>>------------

වෘශ්චික ලග්නය - ගජකේශරී රාජ යෝගය උදාවේ.
ලග්නාධිපති කුජ 12 වැන්නේත්, සෙනසුරු සහ සිකුරු ලග්නයේත්, රවි 2 වැන්නේත්, බුධ 3 වැන්නේත්, ගුරු චන්ද්‍ර 10 වැන්නේත්, රාහු 11 වැන්නේත්, කේතු 5 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘශ්චික ලග්න හිමියන්ට මානසික කරදර තවදුරටත් උග්‍ර වන වසරක් බව පෙන්වා දිය හැක. බිරින්දෑවරුන්ගෙන් තම ස්වාමියාට හිරි හැර, තාඩන පීඩන ඇති වන වසරක් වන අතර, කරදර බාධක නොසිතූ ලෙස ඇති වන වසරක් බැවින්, වෘශ්චික ලග්න හිමියන් තම සහකාරියගෙන් ප්‍රවේසම් විය යුතු වේ. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය මෙම වසරේ දෙදරා යාමට ඉඩ තිබේ. 7 වැන්නාධිපති සිකුරු සෙනසුරු සමග ලග්නයේ සැරි සරන නිසා මෙම තත්ත්වයන් වසරේ මුලදී ඇති වුවද ඉන් පසු තරමක් දුරට එම තත්ත්වය මග හැරී යයි. මෙම වසරේ දික්කසාද වන වැඩි හරියක් වාශ්චික ලග්න හිමියන් වේ. මානසික ගැටලූ නිරාකරනය කර ගැනීම සඳහා වෘශ්චික ලග්න හිමියන් තද නිල් මැණික් හා කාක නිල් රිදී ලෝහය සමග පැලඳීම තුළින් මෙම තත්වයන් මග හරවා ගත හැක. නුග බෝධියට තල තෙල් වලින් පහන් පූජා කිරීම යෝග්‍ය වේ. ධන හානිද වෘශ්චික ලග්න හිමියන්ට ඇතිවෙන වසරකි. එම නිසා මෙම වසර වෘශ්චික ලග්න හිමියන් නිවාස සෑදීමට උත්සාහ කළ යුතුය. එවිට ධන හානිය සිදුවන්නේ තමන්ගේ නිවස සෑදීමටය. එය පසුව තමන්ට හොඳ ආයෝජනයක් වේ. මෙවැනි සෙනසුරු ඒරාශ්ටක තියෙන කාල වලදී නිවාස තැනීම ඉතා සුදුසු වේ. එම නිසා මාර්තු 01 වෙනිදා සිට මාර්තු 15 දක්වා නිවාස සෑදීමක් සඳහා මුල් ගල් තැබීම තුලින් එම නිවසේ ශ්‍රියාව ඇතිවේ.
රාහු මහා දසා ගතකරන වෘශ්චික ලග්න හිමියන්ට පමණක් සුභ පල උදාවේ.
ජය අංකය 11
ජය වර්ණය රතු.

-------- <<<>>>------------

ධනු ලග්නය - පෙර පිං පලදේ - විදේශ ගමන්.
ලග්නාධිපති ගුරු ග්‍රහයා චන්ද්‍රයා සමග 9 වැන්නේත්, ශනි සිකුරු 12 වැන්නේත්, බුධ 2 වැන්නේත්, කුජ 11 වැන්නේත්, රාහු 10 වැන්නේත්, කේතු 4 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර ධනු ලග්න හිමියන්ට පෙර පිං පලදෙන වසරක් වේ. ධනු ලග්න හිමියන්ට මෙම වසරේ දීර්ඝ විදේශ ගමන් ඇති වන අතර, පිටරට පදිංචිය සඳහා ඉල්ලූම් කරන අයට වීසා හිමිවේ. උභයචාරී යෝගය වසර ආරම්භයේදීම පිහිටන නිසා ආ ගිය තැන හොඳ පිළිගැනීමක් ඇති වන අතර, තම බලාපොරොත්තු සෑහෙන දුරකට සාර්ථක වන බව පෙනේ. රවි ලග්නයේ ගමන් කරන නිසා වසර මුලදී තරමක් දුරට කේන්ති ස්වභාවයකින් කාලය ගත කරන්නට සිදුවේ. සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය පවතින නිසා සෙනසුරු මහා දසා ගතකරන අයට තරමක් දුරට කරදර බාධක ඇති වන අතර, අනෙකුත් මහා දසාවන් ගත කරන අයට සුභ පල උදාවන නව වසරක් වේ. රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස් වීම් නොලැබීම නිසා තරමක් දුරට කල කිරීම් ස්වභාවයක් ඇති වේ. විදේශ ගමන් අධික වේ.
සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ දියවැඩියාව වැනි රෝගාබාධ ඇති වීමේ ප්‍රවනතාවයක් තිඛෙන බවයි.
ජය අංකය 1
ජය වර්ණය කහ.

-------- <<<>>>------------

මකර ලග්නය - ඉඩකඩම් සහ හදිසි ධනලාභ හිමිවේ.
ලග්නාධිපති සෙනසුරු සිකුරු සමග අයස්ථානයේත්, බුධ ලග්නයේත්, ගුරු චන්ද්‍ර 8 වැන්නේත්, කුජ 10 වැන්නේත්, රවි 12 වැන්නේත්, රාහු 9 වැන්නේත්, කේතු 11 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මකර ලග්න හිමියන්ටද සුභ දායී නව වසරක් බව පෙන්වා දිය හැක. හදිසි ධනලාභ, ඉඩකඩම්, නිවාස හිමි වන වසරක් බැවින්, මකර ලග්න හිමියන්ට මෙම වසර සෑම අතින්ම සුභදායී වසරක් බව කිව හැක. අලූතින් ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ඇතිවේ. පිටරටන් ආදායම් ලැබිය හැකි වසරකි. ජලයෙන් තරමක් ප්‍රවේසම් විය යුතු වසරක් වේ. වෙනදාට වඩා විනෝදකාමීව කාල ගත කරන වසරක් වේ. පියාට තරමක් අපලදායකය. පොදුවේ ගත් කල මකර ලග්න හිමියන්ට මෙම වසරේ හදිසි ධනලාභ හිමිවන වසරක් බව පෙන්වා දිය හැක.
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස්වීම්, වැටුප් වැඩිවීම් ඇතිවන වසරක් බවයි. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ වකුගඩු හා පිත්තාශය තුළ ගල් ඇති වීමේ ප්‍රවනතාවයක් ඇති වන බැවින්, වෙනදාට වඩා ජලය පානය කිරීම සුදුසු බවය. ශල්‍යකර්ම වලට භාජනය වීමට ඉඩ තිබේ.
ජය අංකය 11
ජය වර්ණය තද නිල්.

-------- <<<>>>------------

කුම්භ ලග්නය - වන්දනා ගමන් ඇතිවේ.
ලග්නාධිපති සෙනසුරු සිකුරු සමග 10 වැන්නේත්, රවි 11 වැන්නේත්, බුධ 12 වැන්නේත්, චන්ද්‍ර ගුරු 7 වැන්නේත්, කුජ 9 වැන්නේත්, රාහු 8 වැන්නේත්, කේතු 2 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කුම්භ ලග්න හිමියන්ට සමපල උදාවන වසරක් බව පෙන්වා දිය හැක. නීතිය හදාරන අයට ඒ සඳහා එම වැඩ පටන් ගැනීමට සුදුසු වසරක් වේ. විවාහ ජීවිතයේ ප්‍රශ්න හා ගැටලූ වලට මුහුණ දීමට සිදුවේ. වෙන වසර වලට වඩා මෙම වසරේ මුරණAඩු ගති වැඩිවේ. ගජකේශරී යෝගය යෙදී ඇති බැවින්, බාධක ජය ගත හැක. අලූතින් නිවාස ඉදි කිරීමට කුම්භ ලග්න හිමියන්ට මෙම වසර සුභ දායක වේ. රවි මහා දසා ගතකරන ගුරු මහා දසා ගතකරන කුම්භ ලග්න හිමියන්ට පමණක් සුභ පල උදාවන අතර, අනෙකුත් අයට සමපල උදාවන වසරක් බව පෙන්වා දිය හැක. රැකියාව ගැන බැලු කල පෙනී යන්නේ මෙම වසරේ එයට බාධක කරදර ඇති නොවන වසරක් ලෙසය. කුම්භ ලග්නයෙන් උපන් අයට මෙම වසරේ දඹදිව වන්දනා ගමන් ඇති වන බව පෙනේ.
සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ සෙම්ගෙඩි, උගුරේ අමාරු, කතාවේ දුබලතා, උණ, සෙම්පතිශ්ශාව වැනි රෝග සෑදීමේ ප්‍රවනතාවයක් ඇති වසරක් බව පෙනේ.

ජය අංකය 9
ජය වර්ණය තද නිල්.

-------- <<<>>>------------

මීන ලග්නය - හදිසි අනතුරු
ලග්නාධිපති ගුරු චන්ද්‍රයා සමග 6 වැන්නේත්, ශනි සිකුරු 9 වැන්නේත්, 10 වැන්නේ රවිත්, 11 වැන්නේ බුදත්, කුජ 8 වැන්නේත්, රාහු 7 වැන්නේත්, කේතු ලග්නයේත් ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මීන ලග්න හිමියන්ට මෙම වසර තුල හදිසි අනතුරු ඇති වන ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බැවින්, රිය පදවන අය වෙනදාට වඩා ප්‍රවේසමෙන් තමන්ට වාහනය පාලනය කරගත හැකි වේගයෙන් එම කාර්ය කළ යුතු වේ. නැතිනම් හදිසි අනතුරු වලට මුහුණ පාන්නට සිදුවේ. උභයචාරී යෝගය යෙදී ඇති බැවින්, වෙන වසර වලට වඩා ජීවන තත්වය උසස් වේ. අගෝස්තු 11 පසුව මීන ලග්න හිමියන්ට වසරේ මුල් කාලයට වඩා වාසි දායක තත්ත්වයක් උදාවේ. රවි මහා දසා ගතකරන බුධ මහා දසා ගතකරන සිකුරු මහා දසා ගතකරන මීන ලග්න හිමියන්ට සුභ පල උදාවන අතර, අනෙකුත් අයට සමපල උදාවන වසරක් බවට පෙන්වා දිය හැකිය.
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස්වීම්, වැටුප් වැඩිවීම්, ඇති වන වසරක් බවයි. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ අධික රුධිර පීඩනය ඇති වීමට ඉඩ ඇති වසරක් වේ. වෙනදාට වඩා ශරීර ශක්තිය අඩු විය හැක.
ජය අංකය 2
ජය වර්ණය කහ.

0 comments :

Post a Comment